කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ශ්‍රී ලංකා රජය ශ්‍රවණාගාර වෙන්කිරීම්
රජයේ නිල ශ්‍රවණාගාර වෙන්කිරීමේ පද්ධතිය

ඔබගේ වැඩසටහනට සුදුසු ශ්‍රවණාගාරය වෙන්කරවා ගන්න

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාර සඳහා පහසු, වේගවත් සහ විධිමත් වෙන්කිරීමේ ක්‍රියාවලියක්. පළමුව ශ්‍රවණාගාරය තෝරාගෙන, ලබාගත හැකි දිනය පරීක්ෂා කර, විද්‍යුත් තැපෑල තහවුරු කර අයදුම්පත සම්පූර්ණ කරන්න.

වෙන්කිරීමට පෙර දැනගන්න
ශ්‍රවණාගාරය තෝරන්න
පහසුකම් සහ ධාරිතාව බලන්න.
විද්‍යුත් තැපෑල තහවුරු කරන්න
කේතයක් මගින් Email එක තහවුරු කරයි.
අයදුම්පත බාගත කරන්න
අයදුම්පත මුද්‍රණය කර භෞතිකව ඉදිරිපත් කළ යුතුය.
පරිපාලන අනුමැතිය
Admin අනුමැතියෙන් පසු වෙන්කිරීම තහවුරු වේ.

ඔබට අවශ්‍ය ශ්‍රවණාගාරය තෝරන්න

එක් එක් ශ්‍රවණාගාරයේ ධාරිතාව, පහසුකම් සහ වෙන්කිරීමේ ක්‍රමය පහතින් පරීක්ෂා කරන්න.

මාර්ගගතව වෙන්කළ හැක
ශ්‍රවණාගාරය 01
ප්‍රධාන ශ්‍රවණාගාරය
ආසන 400

විශාල රැස්වීම්, සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ විශේෂ උත්සව සඳහා සුදුසු ප්‍රධාන ශ්‍රවණාගාරය.

පහසුකම්
AC ✓ Multimedia ✓ Sound ✓ Stage ✓ Generator ✓
මාර්ගගතව වෙන්කළ හැක
ශ්‍රවණාගාරය 02
බිම් මහල ශ්‍රවණාගාරය
ආසන 200

මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම්, සාකච්ඡා සහ රාජ්‍ය ආයතනික වැඩසටහන් සඳහා සුදුසුය.

පහසුකම්
AC ✓ Multimedia × Sound ✓ Stage × Generator ×
මාර්ගගතව වෙන්කළ හැක
ශ්‍රවණාගාරය 03
5 වන මහල ශ්‍රවණාගාරය
ආසන 75

කුඩා රැස්වීම්, සාකච්ඡා, පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සුදුසුය.

පහසුකම්
AC ✓ Multimedia ✓ Sound ✓ Stage × Generator ×
භෞතිකව පමණි
ශ්‍රවණාගාරය 04
ශ්‍රවණාගාරය 04
ආසන 15

මෙම ශ්‍රවණාගාරය සඳහා මාර්ගගත වෙන්කිරීම සිදු කළ නොහැක. ලබා ගත හැකි දිනය පරීක්ෂා කර අයදුම්පත බාගත කර භෞතිකව ඉදිරිපත් කළ යුතුය.

පහසුකම්
AC × Multimedia × Sound × Stage × Generator ×

වැදගත් — භෞතික අයදුම්පත අනිවාර්යයි

මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ පසු අයදුම්පත බාගත කර මුද්‍රණය කර, අවශ්‍ය අත්සන් / නිර්දේශ / නිල මුද්‍රා ලබාගෙන භෞතිකව ඉදිරිපත් කළ යුතුය. මාර්ගගත අයදුම්පත පමණක් ඉදිරිපත් කිරීමෙන් වෙන්කිරීම තහවුරු නොවේ.

අයදුම්පත

ශ්‍රවණාගාර ලබාගත හැකි දින බලන්න

ශ්‍රවණාගාරය තෝරා ඉදිරි මාස 3 තුළ ලබාගත හැකි දින පරීක්ෂා කරන්න. එකක් හෝ කිහිපයක් තෝරා වෙන්කිරීම ආරම්භ කළ හැක. අවසන් වෙන්කිරීම පරිපාලන අනුමැතියෙන් පසුව සිදු වේ.

ඉදිරි මාස 3
කොළ පැහැති දින එකක් හෝ කිහිපයක් තෝරන්න.
ලබාගත හැක
Pending
වෙන් කර ඇත
වසා ඇත
තෝරා ඇත
තෝරාගත් දින (0)
සැලකිලිමත් වන්න: කොළ පැහැති දින එකක් හෝ කිහිපයක් තෝරා «වෙන්කිරීම ආරම්භ කරන්න» ඔබන්න. අවසන් වෙන්කිරීම පරිපාලන අනුමැතියෙන් පසුව පමණක් තහවුරු වේ. 🟢 කොළ = ලබාගත හැක · 🟡 ලා කහ = Pending · 🔴 රතු = වෙන් කර ඇත · ⚫ කළු = වසා ඇත · 🔵 නිල් = තෝරා ඇත.

පහසු සහ විධිමත් ක්‍රියාවලියක්

වෙන්කිරීමේ සිට අයදුම්පත සහ පරිපාලන අනුමැතිය දක්වා සියල්ල එකම පද්ධතියක් තුළ.

දින පරීක්ෂාව

ඔබට අවශ්‍ය ශ්‍රවණාගාරයේ ලබාගත හැකි දිනය පරීක්ෂා කරන්න.

Email තහවුරු කිරීම

වෙන්කිරීම ආරම්භ කිරීමට ඔබගේ විද්‍යුත් තැපෑල කේතයකින් තහවුරු කරන්න.

අයදුම්පත බාගත කිරීම

Online application එකෙන් නිල අයදුම්පත සකස් කර බාගත කරන්න.

පරිපාලන අනුමැතිය

භෞතික අයදුම්පත පරීක්ෂා කිරීමෙන් පසු පරිපාලනය විසින් වෙන්කිරීම තහවුරු කරයි.

වෙන්කිරීම සිදුකරන ආකාරය

01
ශ්‍රවණාගාරය තෝරන්න

ඔබගේ වැඩසටහනට ගැලපෙන ශ්‍රවණාගාරය සහ පහසුකම් තෝරන්න.

02
දිනය පරීක්ෂා කරන්න

අවශ්‍ය දිනයේ ශ්‍රවණාගාරය ලබාගත හැකිදැයි පරීක්ෂා කරන්න.

03
Email තහවුරු කරන්න

ඔබගේ Email ලිපිනයට ලැබෙන කේතය ඇතුළත් කර තහවුරු කරන්න.

04
අයදුම්පත සම්පූර්ණ කරන්න

Online application එක පුරවා නිල අයදුම්පත බාගත කරන්න.

05
භෞතිකව ඉදිරිපත් කරන්න

අයදුම්පත මුද්‍රණය කර අත්සන් සහ අවශ්‍ය නිර්දේශ සමඟ ඉදිරිපත් කරන්න.

06
අනුමැතිය ලබාගන්න

පරිපාලන පරීක්ෂාවෙන් පසු වෙන්කිරීම තහවුරු කර Email මගින් දැනුම් දෙයි.

ශ්‍රවණාගාර වෙන්කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

වැදගත් උපදෙස්

  1. ශ්‍රවණාගාරය භාවිතා කිරීමට පෙර අදාළ ගාස්තු සහ තැන්පතු මුදල් පිළිබඳ පරිපාලනය විසින් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුය.
  2. සියලුම වෙන්කිරීම් සඳහා නිල අයදුම්පත සම්පූර්ණ කර භෞතිකව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  3. ශ්‍රවණාගාරය තුළ දිවා ආහාරය ලබාගැනීමට අවසර නොමැත.
  4. ශ්‍රවණාගාරයේ ඇති පුටු, මේස, විදුලි උපකරණ, ශබ්ද උපකරණ සහ අනෙකුත් දේපළ ආරක්ෂා කිරීම අයදුම්කරුගේ වගකීම වේ.
  5. අමතර විදුලි, ලී බඩු හෝ වෙනත් උපකරණ රැගෙන ඒමට පෙර අවසර ලබාගත යුතුය.
  6. බිත්ති, තිර රෙදි සහ ගෘහ භාණ්ඩවලට හානි වන ආකාරයෙන් සැරසිලි කිරීමෙන් වැළකිය යුතුය.
  7. උත්සවය අවසන් වූ පසු සැරසිලි සහ සියලුම අමතර ද්‍රව්‍ය ඉවත් කර ස්ථානය පිරිසිදු කර භාරදිය යුතුය.
  8. වාහන කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කාර්යාලීය උපදෙස් පිළිපැදිය යුතුය.
  9. කාර්යාලීය හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් කලින් දැනුම් දීමකින් වෙන්කිරීම අවලංගු කිරීමට සිදුවිය හැක.
  10. වෙන්කළ වැඩසටහන නොපවත්වන්නේ නම් පූර්ව දැනුම්දීමක් ලබාදිය යුතුය.
  11. ආහාර පාන ලබාදීමේදී නිපදවන සියලුම අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම අයදුම්කරුගේ වගකීම වේ.

ඔබගේ ශ්‍රවණාගාර වෙන්කිරීම අදම ආරම්භ කරන්න

ශ්‍රවණාගාරය තෝරන්න, දිනය පරීක්ෂා කරන්න, Email තහවුරු කර අයදුම්පත සම්පූර්ණ කරන්න.

වෙන්කිරීම ආරම්භ කරන්න